විරාත් කෝලිගේ පෙනුම වෙනස් වෙලා

  👤  4038 readers have read this article !
By mawbima 2018-05-25

විරාත් කෝලි කියන්නේ ලෝකයේ විලාසිතා ප්‍රියකරන ක්‍රීඩකයන් අතින් ඉදිරියෙන්ම කියැවෙන නමක්. අලුත් අලුත් මෝස්තර අනුගමනය කරන්න ඔහු කිසි විටෙකත් මැළි වෙන්නෙ නැහැ. ඒ වගේම තමයි කෝලි පච්ච කොටාගන්නත් දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. ඔහු අතේ වැලමිට හා මැණික් කටුව අතර ආශ්‍රමයක රූපයක් පච්ච කොටාගෙන ඇති අතර ඊට පිටුපසින් කයිලාෂ්කන්ද හා මන්සරෝවර් විල පසුබිම පෙනෙන අයුරින් ශිව දෙවියන් භාවනානුයෝගීව වැඩසිටින අයුරු දැක්වෙන රූපයක් පච්ච කොටාගෙන තිබෙනවා. මීට අමතරව උරහිසේ සමුරායි සටන්කරුවකුගේද, අනෙක් උරහිසේ තම මවුපියන්ගේ නම් හා ටෙස්ට් අංකයද කොටාගෙන ඇති අතර මීට අමතරව තවත් පච්ච කීපයක්ම ඔහුගේ සිරුරේ දැකිය හැකිය.

ඔහු අලුතින්ම සකසාගත් කොණ්ඩ මෝස්තරය පිළිබඳවද කෝලි ලෝලීන් අතර කතාබහට ලක්වෙනවා. එය සකස් කොට ඇත්තේ ඉන්දියාවේ සුප්‍රකට කොණ්ඩ මෝස්තර නිර්මාණ ශිල්පී අලීම් හකීම් විසිනුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon