මගේ බර ගැන කවුරුත් කලබල වෙන්න ඕන නැහැ- ෂේසාඩ් පවසයි

  👤  3963 readers have read this article !
By mawbima 2018-05-25

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින එමෙන්ම පිතිකරුවකුද වන මොහොමඩ් ෂේසාඩ්ගේ බර කිලෝග්‍රෑම් 90ක්. මේ බර ක්‍රීඩා ලෝකයේ බොහෝ දෙනකුට ප්‍රශ්නයක්.

"ඒත් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි නම් වෙන අය ඒක ප්‍රශ්නයක් කරගන්නෙ ඇයි? මට පුළුවන් නම් ලෝකෙ අංක එකේ එක්දින පිතිකරුවා වන විරාත් කෝලිටත් වඩා අෑතට යන හයේ පාරවල් ගහන්න මගේ බර ප්‍රශ්නයක් නෙමෙයිනේ?" ෂේසාඩ් පවසනවා.

තමන්ගේම ආරකට ක්‍රීඩා කරන ෂේසාඩ් මේ බර වැඩිවීමේ හේතුව නිසා බොහෝ විට විවේචනයට ලක්වෙනවා. ඒත් ඔහු ඇෆ්ගන් පිලේ ඊ20 කණ්ඩායමේ වැඩිම ලකුණු රැස් කරගත් ක්‍රීඩකයා වන අතර එක්දින ලකුණු අතින් ඔහු දෙවැනි වන්නේ මොහොමඩ් නබීට පමණයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon