ක්‍රිකට් සභාපති තනතුරට ඉදිරිපත් වූ ජයන්තගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

  👤  4067 readers have read this article !
By mawbima 2018-05-25

මේ මස 31දා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුර සඳහා අපේක්‍ෂකයන් සිවු දෙනකු නාම යෝජනා භාර දී තිබුණද ඒ අතර සිටි ජයන්ත ධර්මදාස මහතාගේ නාම යෝජනාව තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ.

පසුගියදා පැවැති ක්‍රිකට් ආයතන විශේෂ මහ සභා රැස්වීමේදී පත්කරන ලද පස්දෙනකුගෙන් සැදුම් ලත් නිලවරණ කමිටුව මෙම තීරණය ගෙන ඇතැයි දැනගන්නට ඇති අතර, නිලවරණ කමිටුව රසික වයි. වීරතුංග, කොමදෝරු සනත් උත්පල, බුද්ධික ඉලංගතිලක, එච්.ඩී. ජූඩ් පෙරේරා හා දේවගිරි බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විතය.

ඒ අනුව සභාපති තනතුර සඳහා ඉදිරිපත්ව සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වීමත් සමඟ තිලංග සුමතිපාල, මොහාන් ද සිල්වා හා නිශාන්ත රණතුංග යන මහත්වරුන් පමණක් සභාපති අසුන සඳහා තරග වැදීමට සුදුසුකම් ලබා තිබේ.

මෙවර නිලවරණයේ නාම යෝජනා නිලවරණ කමිටුව පත්කළ දිනයේදීම (19දා) විවෘත කළ අතර, ඊට අදාළ විරෝධතා දැක්වීම සඳහා දී ඇති කාලය පසුගිය 22දා (අඟහරුවාදා) සවස 3.00ට අවසන් වීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් නාම යෝජනාවල තාක්‍ෂණික කරුණු ප්‍රතික්ෂේප කිරීම පසුගිය 21දා (සඳුදා) දිනයෙන් අවසන් විය. කෙසේ වෙතත් විරෝධතා සඳහා පිළිතුරු ලබාදීම අද (25දා) දිනයේදීද, විරෝධතා විභාග කිරීම 28දා පෙරවරු 9ටද, එකී විරෝධතාවන්හි ප්‍රතිඵල නිවේදනය කිරීම 30දා (ලබන බදාදා) සිදු කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon