ජීවන අංක දීමනාව 15,000ක් කරන්න

  👤  3968 readers have read this article !
By mawbima 2018-05-23

උපතිස්ස පෙරේරා

යහපාලන රජය යටතේ රටේ ආර්ථිකය අන්තයටම පිරිහී ජනතාව පීඩාවට පත්ව ඇති පසුබිමක ඉන්ධන ගාස්තු, බස් ගාස්තු මෙන්ම ගෑස් මිල, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අහස උසට ඉහළ දැමීම නිසා ජනතාව කබලෙන් ළිපට වැටී... ඇති හෙයින් රජයේ සේවකයන්ට ලබාදෙන ජීවන අංක දීමනාව රුපියල් 7,800 රුපියල් 15,000 දක්වා රුපියල් 7,200කින් ඉහළ නංවන ලෙස ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති ඩී.එම්.ඩී. අබේරත්න මහතා ජනාධිපති, අගමැති ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මරදාන දුම්රිය සේවක සංගම් ශ්‍රවණාගාරයේදී ඊයේ (22දා) දහවල් පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළ සභාපතිවරයා, ඩීසල් ලීටරයක මිල රුපියල් 14කින් වැඩිවන විට අවම බස් ගාස්තුව සියයට 20කින්ද ඉන් ඉහළට බස් ගාස්තු සියයට 12.5කින්ද ඉහළ දමා ඇති බවත් නොබෝ දිනකින් දුම්රිය ගාස්තුද ඉහළ නැංවූ විට දරුවන්ට අධ්‍යාපනය ලබාදීම කෙසේ වෙතත් තුන් වේලෙන් එක් වේලකවත් ඔවුන්ගේ කුසගිනි නිවීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බවත් කීවේය.

තම සංගමය වැටුප් වැඩි කිරීමක් නොඉල්ලන බවත් වරාය, ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍යායතනවල ජීවන අංක දීමනාව රුපියල් 25,000 _ 30,000ත් අතර මුදලක් ලබාදෙන බැවින් සියලුම රජයේ සේවකයන්ට ගෙවන ජීවන අංක දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළ නංවන ලෙස රජයට බලකරන බවත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon