විපතට පත් ජනතාවගේ දේපළ සොරාගන්නන්ට නීතිය තදින්

  👤  3826 readers have read this article !
By mawbima 2018-05-23

චාමර අමරසූරිය

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ දේපළ සොරා ගන්නා තැනැත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොලිසියට උපදෙස් දී තිබේ.

එසේම ගංවතුරෙන් සහ නායයෑම්වලින් පීඩාවට පත්ව සිටින ජනතාවගේ දේපළ ආරක්ෂා කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් අරඹන ලෙසටද අමාත්‍යවරයා පොලිසියට උපදෙස් දී ඇත.

මෙවැනි කොල්ලකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් දැනුවත් කරන ලෙසද අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ආපදාවට ලක්වූවන්ගේ දේපළ සොරා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම සඳහා පැය 24 පුරාම පොලිස් ස්ථාන සූදානම්ව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon