කහවත්තේදී බස් 2ක් ගැටී 37කට තුවාලයි: 3කට බරපතළයි

  👤  3903 readers have read this article !
By mawbima 2018-05-23

පල්ලේබැද්ද - සිසිර පීල්ලදෙනිය

රත්නපුර _ ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කහවත්ත නගරයේ පෞද්ගලික මගී බස් රථ දෙකක් ඊයේ (22දා) පෙරවරුවේ මුහුණට මුහුණලා ගැටීමෙන් බස් රථ දෙකේ ගමන්ගත් තිස් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කහවත්ත පොලිසිය කියයි.

එයින් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවත් සුළු තුවාල ලැබූ පිරිසක් රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් පොලිසිය කියයි.
අනතුරට පත් එක් බස් රථයක් ඇඹිලිපිටිය නගරයේ සිට කෑගල්ල නගරය දක්වා ගමන් කරමින් සිට ඇති අතර අනෙක් බස් රථය කහවත්ත නගරයේ සිට මාකඳුර ගම්මානය දක්වා ගමන් කරමින් තිබූ බව වාර්තා වේ.

එම අවස්ථාවේ එම බස් රථ දෙකෙහිම මගීන් බොහෝ දෙනකු ගමන් කරමින් සිට ඇති බවත්, එම අනතුරෙන් තුවාල ලැබූවන් නගරවාසීන් හා පොලිසිය එක්ව කහවත්ත මූලික රෝහලට රැගෙන ගිය බවත් පොලිසිය කියයි.

තුවාලකරුවන් අතර කාන්තාවන් විසි එක් දෙනකු හා පිරිමින් දාසය දෙනකු සිටින බවත් තුවාලකරුවන් අතර බස් රථ දෙකේ රියැදුරන් දෙදෙනාද සිටින බවත් පොලිසිය සඳහන් කරයි. කහවත්ත පොලිසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත එහි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අයි.ඒ.එම්. ජයතිස්ස, පොලිස් සැරයන් රත්නසේන (20178), පොලිස් කොස්තාපල්වරුන් වන වීරකෝන් (38065), රණසිංහ (87498) යන නිලධාරීහු ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon