උතුරු පළාත් සභාව විසුරුවනවාලු: පුළුවන් නම් කරලා බලන්න

  👤  3990 readers have read this article !
By mawbima 2018-05-23

මුලතිව් ශෂිකුමාර්,ඕමන්ත ශේෂලා අමරසිංහ

උතුරු පළාතට අයිති කොඩිය කුමන ආකාරයෙන් භාවිත කළත් කිසිවකුගෙන් ඊට අවසර ගත යුතු නැති බවත් එවැනි දෙයක් සිදුවී ඇත්නම් නීතිමය පියවර ගෙන පෙන්වන ලෙසට උතුරු පළාත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එම්.කේ. සිවාජිලිංගම් මහතා රජයට අභියෝගයක් කරයි.

මන්ත්‍රිවරයා මේ අභියෝගය කළේ පෙරේදා (21දා) යාපනය මාධ්‍ය සමාජයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි. මන්ත්‍රිවරයා මෙසේද කියා සිටියේය.

"සමහර ඇමැතිවරු කියලා තිබුණාලු පාසල්වල උතුරු පළාත් සභා කොඩිය භාගයක් දාපු එක වැරැදියි කියලා. අපි අහන්න කැමැතියි අපේ අයිතිය තියෙන කොඩිය කොයි විදිහට දානවාද කියලා ඔබතුමාලාගෙන් අහන්න ඕනෑද? ඒකට ඇක්ෂන් ගන්න පුළුවන් නම් ඇක්ෂන් ගන්න.

සමහර අය කියනවා උතුරු පළාත් සභාව විසුරුවනවයි කියලා. පුළුවන් නම් විසුරුවලා බලන්න. අපි චැලේන්ජ් කරන්නම්. මේ ජන සංහාර සිද්ධ වෙලා තියෙනවා. මේකට නීතිය අපිට ලැබෙන්න ඕනෑ. අපේ පළාත අපිට ඕන විදියට පාලනය කරන්න අපිට අයිතිවාසිකම් තියෙන්න ඕනෑ. මේක අනිත් පැත්ත රවට්ටලා කරනවා නම් වැරදියි" යනුවෙනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon