සහන සලසන්න: අවශ්‍ය තරම් මුදල් දෙන්න භාණ්ඩාගාරයට උපදෙස්

  👤  3911 readers have read this article !
By mawbima 2018-05-23

දෙනගම ධම්මික රණවීර

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට අවශ්‍ය තරම් මුදල් ලබා දෙන්නැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (22දා) මහ භාණ්ඩාගාර නිලධාරීන් වෙත උපදෙස් දී ඇත.

මේ අනුව ස්වාභාවික ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට දිස්ත්‍රික් මට්ටමින් සහන සලසාදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා දිසාපතිවරුන්ගෙන් ලැබෙන ඉල්ලීම් පරිදි ආදාළ අංශ වෙත වහාම මුදල් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon