යාල-නිමලව අභය භූමි දෙක අතර සංචාරක නිකේතනයක් ඉදිකළේ කෙසේදැයි ජනපතිගෙන් ඇසිය යුතුයි

  👤  4043 readers have read this article !
By mawbima 2018-05-23

සපුමල් ජයසේන

යාල වනෝද්‍යානය සහ නිමලව අභය භූමිය යන දෙකට මැදිවන ලෙස නීති විරෝධී අයුරින් සංචාරක නිකේතනයක් ඉදිකරන ලද්දේ කෙසේදැයි ජනාධිපතිවරයාගෙන් විමසිය යුතු බව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

යාල වනෝද්‍යානයට යාබදව පිහිටි නිමලව අභය භූමිය තුළ නීති විරෝධී ලෙස සංචාරක නිකේතනයක් ඉදිකර තිබීම ගැන වනජීවී අමාත්‍යවරයාගෙන් ඊයේ (22දා) අප කළ විමසීමකදී ෆොන්සේකා මහතා එසේ පැවැසීය.

අක්කර 30කට වඩා විශාල ප්‍රදේශයක කැලෑව එළිපෙහෙළි කර එය වටා විදුලි වැටක්ද ඉදිකොට එහි සංචාරක නිකේතනයක් ඉදිකොට ඇත. මේ හේතුවෙන් අලි ඇතුන්ද ඇතුළු වන සතුන්ගේ මංකඩ ඇහිරී එම සතුන්ට පීඩාවක් ඇති වී තිබෙන බව පරිසරවේදීහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමෙන් අනතුරුව වනජීවී අමාත්‍යවරයා එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කොට 'මව්බිම'ට කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, සංචාරක නිකේතනය ඉදිකොට තිබෙන්නේ යාල සහ නිමලව අභයභූමි දෙක අතර පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බිම් තීරුවක බවයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයත් වන්නේ පරිසර අමාත්‍යාංශයට බැවින් මෙම ඉදිකිරීම සම්බන්ධව පරිසර අමාත්‍ය ධුරය හොබවන ජනාධිපතිවරයාගෙන් විමසිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon