විපතට පත් ජනතාවට උදවු කළත් ප්‍රතිපාදන දීමේ ප්‍රමාදයක් පවතිනවා-පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග

  👤  3889 readers have read this article !
By mawbima 2018-05-23

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය තිබෙන සියලුම පළාත් පාලන ආයතන ආපදාවන්ට ලක්ව සිටින ජනතාවට උපකාර කිරීම සදහා උපරිම දායකත්වයෙන් ක්‍රියාකාරීව සිටියද ආපදා කළමනාකරණ ඒකකය මඟින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන පළාත් පාලන ආයතනවලට ලබාදීමේ යම් ප්‍රමාදයක් සිදුවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතන අතරින් ආපදා ඇතිවී තිබෙන ප්‍රදේශවල සියලුම පළාත් පාලන ආයතන සභාපතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් ගංවතුරෙන් හා නාය යෑමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැපයීමේ කටයුතුවල මේ වන විට නිරත වන බවද ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා පවසයි.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතන සඳහා ආපදා කළමනාකරණ ඒකකය මඟින් ප්‍රතිපාදන ලබාදීමේ යම් පමාවක් සිදුවන බවත් එවැනි පටු දේශපාලන අරමුණුවලින් බැහැර වී කටයුතු කරන ලෙස තමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon