ජනතාවට අක්මා රෝග හදන ලෙඩ එළදෙනුන් රැසක් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වලා එළදෙනුන් ගෙන්වා ඇත්තේ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්

  👤  4021 readers have read this article !
By mawbima 2018-05-23

දඹුල්ල - කේ.කේ. ආරියදාස

රජය මඟින් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද එළදෙනුන්ගේ සත්ත්ව නිරෝධායන සාම්පල පරීක්ෂා කිරීමේදී එම සතුන් රෝග රැසක් සමඟ පැමිණ ඇති බවත් එම රෝග නිසා මිනිසුන් ඇතුළු ක්ෂීරපායි සතුන්ගේ අක්මාව ආසාදනය වීමේ බරපතළ ප්‍රශ්නයක් පවතින බැවින් මෙරට පශු සම්පත් කර්මාන්තයටද පිරිමැසිය නොහැකි හානියක් සිදුවිය හැකි බව පශු පර්යේෂණ අංශය පරීක්ෂණ වාර්තා එළි දක්වමින් රජයට දැනුම් දී තිබේ.

මෙම නිල වාර්තාව පශු සම්පත් අධ්‍යක්ෂ, පශු පර්යේෂණ වෛද්‍ය එස්.එස්.පී. සිල්වා මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත පසුගිය පෙබරවාරි මස 14 වැනි දින භාර දී තිබේ.

දේශීය කිරි කර්මාන්තයට සහනාධාර ලබාදීම යටතේ ඕස්ට්‍රේලියාවෙන් පසුගිය වසර කිහිපයේම එළදෙනුන් මෙරටට ආනයනය කොට බෙදාහැරීමේ ක්‍රියාවලිය සිදුවී තිබිණි. මෙම සතුන්ගේ සත්ත්ව නිරෝධායන සාම්පලවල පරීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ අවසාන වාර්තාව ලබාදී ඇත්තේ පසුගිය මාසයේදීය.

ඒ වනවිටත් සතුන් විශාල සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා අවසන්ව ඇති බවද එහි සඳහන් වෙයි.

පශු පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.එස්.පී. සිල්වා මහතා විසින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත 2018 පෙබරවාරි මස 14 වැනි දින ලිඛිතව ලබාදී ඇති පරීක්ෂණ ප්‍රතිඵලයේ මෙසේ සඳහන් කොට තිබේ.
2018 ජනවාරි 29 දින මා විසින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවට වැඩිමනත් වශයෙන් අවසාන වාර්තාවේ ප්‍ර‍ෙ

අතුරු වාර්තාවේ ඉස්මතු කර දක්වන ලද පරිදි සැපයුම්කරු විසින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාපටිපාටිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවට පැහැදිලි ලෙසම සාක්ෂි සහිතව හෙළිදරව් වන අතර සුදුසු පියවර නොගන්නේ නම් මේ තත්ත්වය අනාගතයේදී ශ්‍රී ලංකාවේ පශු සම්පත් කර්මාන්තයට බරපතළ හානියක් සිදු කළ හැකිය.

පරීක්ෂා කරන ලද එළදෙනුන්ගෙන් ලබාගත් රුධිර සාම්පලවල ඕධමඪදඥ මඪපචත ඤඪචපපඩඥච නම් පාචන රෝග ප්‍රතිදේහ සැලකිය යුතු ප්‍රමාණයක් පවතී. ඕඍච් යනු ගවයින් ආශි්‍රත පවතින ආර්ථිකයට අහිතකර ලෙස බලපාන රෝගයක් බැවින් පහත සඳහන් කඩිනම් පියවර යෝජනා කරමි.

ආනයනය කරන ලද සියලු සතුන්ගේ එන්නත් කිරීම් පිළිබඳ පූර්ව වාර්තාවක් කඩිනමින් ලබාගැනීම.

දැනට සතුන් රඳවාගෙන ඇති ගොවිපළවලින් ප්‍රවාහනය කිරීමට ප්‍රථම සියලුම සතුන් ඉහත පාචන රෝගයෙන් ආසාදිත වී ඇති ද යන්න සොයා බලා කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා රෝගය වැලඳී ඇති සතුන් විනාශ කළ යුතු වේ.

ටචඵජඪධතච ඩඥනබඪජච නම් රෝගය මිනිසුන් ඇතුළු ක්ෂීරපායීන් සතුන්ගේ අක්මාව ආසාදනය කරයි. මෙම රෝගය දැනට ශ්‍රී ලංකාව තුළ හඳුනාගෙන නොමැති බැවින් මහජන සෞඛ්‍ය පිළිබඳව ක්‍රියාමාර්ග තදින්ම පිළිපදින ලෙස නිර්දේශ කරනු ලැබේ.

අතුරු වාර්තා මඟින් අවධාරණය කරන පරිදි ඕඍච් වයිරසය ආසාදනය වූ සතුන් සිටින බව සොයා ගත් පසු ඒ පිළිබඳව ප්‍රමාදවී වාර්තා කිරීම ශ්‍රී ලංකාවේ පශු සම්පත් කර්මාන්තයට පිරිමැසිය නොහැකි හානියක් සිදුවිය හැකි තරමේ බරපතළ අතපසුවීමකි.

එබැවින් පශු සම්පත් කර්මාන්තයට සහ මහජන සෞඛ්‍යයට විය හැකි හානිය අවම කිරීම සඳහා අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, පශු පර්යේෂණ සත්ත්ව සෞඛ්‍ය, පශු වෛද්‍ය නියාමන සැලසුම් සහ ආර්ථික සහ පශු පර්යේෂණ අධ්‍යක්ෂවරුන් සහ ආදාළ රසායනාගාර විශේෂඥයන් සමඟ සාකච්ඡාවක් පවත්වන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිමි.

සුදුසු පියවර ගැනීම සඳහා මෙම දෙනුන් ආනයනය කළ ආනයනකරු වන ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශ ලේකම් දැනුවත් කළ යුතුවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon