මහජන මුදල්වලින් ඉන්ධන මිල පිළිබඳ දැන්වීම් පළ කිරීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විමසන්න යයි

  👤  3991 readers have read this article !
By mawbima 2018-05-23

දෙනගම ධම්මික රණවීර

මහජන මුදල් යොදා ගනිමින් ඉන්ධන මිල පිළිබඳ වෙළෙඳ දැන්වීම් පළ කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට ගෙන්වා ප්‍රශ්න කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (22දා) තීරණය කොට තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලය හා වත්මන් පාලන කාලය සසඳමින් මුදල් අමාත්‍යාංශය අසත්‍ය ප්‍රචාරය කිරීම නිසා එම තීරණයට හේතු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත කැඳවා ප්‍රශ්න කරන ලෙස එම ගිණුම් කාරක සභාවෙන් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තු වෙයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon