ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මාස 26කට පසුව වාර්තා වූ අවම උද්ධමනය සියයට 1.6යි.

  👤  3818 readers have read this article !
By mawbima 2018-05-23

උදයන්ති මුණසිංහ

මාස 26කට පසුව වාර්තා වූ අවම උද්ධමනය ලෙස පසුගිය අප්‍රේල් මාසයේ ලක්ෂමය උද්ධමනය සියයට 1.6ක් බව ජතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ සඳහන් කරයි.
ඒ අනුව 2018 මාර්තු මාසයේදී පැවැති සියයට 2.8ට සාපේක්ෂව 2016 පෙබරවාරි මස සිට වාර්තා වූ අඩුම අගය ලෙස 1.6ක් දක්වා පසුගිය අප්‍රේල් මාසයේදී පහළ ගොස් තිබේ.

පසුගිය මස සිදුවූ උද්ධමනයෙහි පහළ යෑමට 2017 වසරේ අප්‍රේල් මාසය තුළදී විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ මිල ගණන්වල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පැවැති ඉහළ පදනම් අගය දායක වූ බවත් සතරසිංහ මහතා පෙන්වා දෙයි.

මාර්තු මාසය හා සංසන්දනය කළ විට පසුගිය අප්‍රේල් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම සඳහා මද්‍යසාර, දුම්කොළ හා මත්ද්‍රව්‍ය, රෙදිපිළි හා පාවහන්, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, ප්‍රවාහන යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල වැඩිවීම බලපා තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය මාර්තු සිට ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩිවීම මාර්තු මාසයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුවූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon