ඉදිරි වසර තුන සඳහා කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන සැලැස්මක්

  👤  3956 readers have read this article !
By mawbima 2018-05-23

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

ඉදිරි වසර තුන සඳහා කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව අදාළ කෙටුම්පත සකස් කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ සියලුම පළාත් කෘෂිකර්ම අමාත්‍යවරුන්, ලේකම්වරුන් ඇතුළු පරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පසුගියදා මහනුවර ගන්නෝරුව කෘෂිකර්ම තොරතුරු තාක්ෂණික ආයතනයේදී පැවැත්විණි.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වයන් අවබෝධ කරගනිමින් ස්වභාවික උවදුරු, පසු අස්වනු හානිය, සතුන් විසින් සිදුකරනු ලබන හානිය, නව තාක්ෂණික උපකරණ හඳුන්වා දීම, විධිමත් කෘෂිකාර්මික පුහුණුව, වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම වැනි කෘෂි ක්ෂේත්‍රයට අදාළ කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙම පළාත් පාලන සමුළුවේදී අවධානයට යොමුකර ඇත.

එම අදහස් හා යෝජනා ලබාගැනීම මඟින් සකස් කෙරෙන තුන් අවුරුදු කඩිනම් කෘෂිකාර්මික සැලැස්ම 24 වැනි දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon