ග්‍රාමීය මාර්ග අලුත්වැඩියාවටත් නඩත්තුවටත් මුදල් පෙර පරිදිම දෙන්න පසුපෙළ මන්ත්‍රිවරු අගමැතිගෙන් ඉල්ලති

  👤  3819 readers have read this article !
By mawbima 2018-05-23

ත්‍යාගා ශීි්‍රමාලි බණ්ඩාර

ග්‍රාමීය මාර්ග අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා වෙන් කෙරෙන මුදල් පෙර දුන් පරිදිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාර්ගයෙන් දෙන ලෙස ආණ්ඩු පක්‍ෂ පසුපෙළ මන්ත්‍රිවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරති.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙම ඉල්ලීම ඉදිරිපත් වී ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත් වී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී මාර්ග සංවර්ධනය සඳහා ගෙවන මුදල් අදාළ මන්ත්‍රිවරු මාර්ගයෙන් දීමට පියවර ගත් බවත් එම පියවර හේතුවෙන් මන්ත්‍රිවරුන්ට තම ප්‍රදේශවල ප්‍රමුඛතා හඳුනාගෙන මාර්ග සංවර්ධනයට සෘජුවම දායක වීමට හැකි වූ බවත් පසුපෙළ මන්ත්‍රිවරුන් මෙහිදී පෙන්වා දී තිබේ. එම කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වසරකට රුපියල් ලක්‍ෂ 600 බැගින් සහ ආසන සංවිධායකවරයකුට වසරකට රුපියල් ලක්‍ෂ 300 බැගින් වෙන් කිරීමට පියවර ගෙන තිබූ බව ද තොරතුරු අනාවරණය වී ඇත.

ඊට අමතරව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන්ට ද උතුරු නැඟෙනහිර මාර්ග සංවර්ධනය සඳහා ප්‍රථම වරට මුදල් වෙන් කළේ එම කාලයේදී බවත් එහිදී අනාවරණය වී තිබේ.

නමුත් වත්මන් විෂය භාර අමාත්‍යවරයා යටතේ මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවන හෙයින් ග්‍රාමීය මාර්ග සංවර්ධනයට සෘජුවම මුදල් වෙන් කරන ලෙස පසුපෙළ මන්ත්‍රිවරු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon