බෝගොඩ හමුදා කඳවුරේදී අධි බලැති බෝම්බ දෙකක් නිෂ්ක්‍රිය කරයි තතු නොදත් අනුරාධපුර වැසියෝ භීතියට

  👤  3864 readers have read this article !
By mawbima 2018-05-23

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අනුරාධපුර නගරයට අෑත ප්‍රදේශයකින් එක්වරම අති විශාල පිපිරීම් හඬක් ඇතිවීම නිසා අනුරාධපුර නගරය ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව පෙරේදා (21දා) රාත්‍රියේ දැඩි ලෙස භීතියට පත්වීමේ සිද්ධියක් වාර්තා විය.

පෙරේදා රාත්‍රි නවයට පමණ විලච්චිය පොලිස් වසමේ ඔයාමඩුව ප්‍රදේශයෙන් විශාල ශබ්දය ඇසුනත් එය කුමක්ද යන්න පිළිබඳව ගම්වැසියන්ට හරිහැටි අවබෝධ කර ගැනීමට නොහැකි වී තිබිණි. පිපුරුම් ශබ්දය පිළිබඳව ගම්වැසියන් සොයා බැලීමේදී එම අධික ශබ්දය නිකුත් වී ඇත්තේ තන්තිරිමලය ප්‍රදේශයෙන් බව අනාවරණය කරගෙන තිබිණි.

තන්තිරිමලය බෝගොඩ යුද හමුදා කඳවුරේ තිබූ කල් ඉකුත් වූ අධි බලැති බෝම්බ දෙකක් යුද හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රිය සෙබළුන් විසින් පුපුරවා හැර තිබූ අතර එහි අධික ශබ්දය කිලෝමීටර් 40කටත් වඩා දුරින් පිහිටි අනුරාධපුර පැරැණි පූජා නගරය, අනුරාධපුර ගුවන් තොටුපොළ ප්‍රදේශයටත් හොඳින් ඇසී තිබිණි. තන්තිරිමලය මහවිලච්චිය, පේමඩුව මන්නාරම් හන්දිය, ඔයාමඩුව, ඇලයාපත්තුව ඇතුළු ගම්මාන රැසක ජනතාව රාත්‍රියේ ඇසුණු අද්භූත පිපිරීමෙන් එදින රාත්‍රියේ බියට පත්වී තිබිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon