මෛත්‍රි-රනිල් සමඟි නොවුණොත් සියලුදෙනා විනාශ වෙනවා

  👤  4167 readers have read this article !
By mawbima 2018-05-23

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුළ එක්ව කටයුතු නොකළහොත් සියල්ලන්ටම විනාශයක් සිදුවන බව කඳුරට, නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුළ එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මැති ඇමැතිවරුන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවයි.

ඔහු මේ බව කියා සිටියේ හැටන් පූල්බෑන්ක් වත්තේ නිවාස 20ක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයකට (20දා) එක්වෙමිනි.

අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

ඇත්තෙන්ම මේ ආණ්ඩුවට අවුරුදු 03ක් වෙන කොට ජනතාවට පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ආණ්ඩුව මොකුත් කෙරුවේ නෑ කියලා. ඇත්තටම මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විදියට මම දන්නවා ජාතික ආණ්ඩුවක් විදියට අපට ගොඩක් දේවල් කරන්න බැරි වුණා.

ජාතික ආණ්ඩුවේ හිටපු 16 දෙනෙක් දැන් එළියට ගිහිල්ලා තියෙනවා. ඒ 16 දෙනා අගමැතිට වැඩ කරන්න දුන්නේ නෑ. මේක කඩාකප්පල් කළා. ඒගොල්ලන් ගිහින් ජනාධිපතිගේ ඔළුව නරක් කෙරුවා.

ජනාධිපතිගෙනුයි අගමැතිගෙනුයි මම ඉල්ලන්නේ දැන් හරි එකමුතු වෙලා එක අදහසකින් මේ ගමන ගියොත් 2020 වෙද්දී ජනතාවට ප්‍රතිඵල පෙන්නන්න පුළුවන්. එහෙම නැත්නම් 2020 වෙනකොට අගමැතිත් විනාශ වෙනවා. ජනාධිපතිත් විනාශ වෙනවා. අපිවත් විනාශ වෙනවා. ජනතාවත් විනාශ වෙනවා. දැන් හරි හිතලා බලන්න දෙන්නම එකතු වෙලා රට සංවර්ධනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon