රජයේ රැකියා දෙන්න අල්ලස් ගත් සිද්ධිය අධිකරණය මඟ හැර සිටින උෟව පළාත් සභා මන්ත්‍රි ආරුමුගම් ගනේෂමූර්තිට වරෙන්තු

  👤  3960 readers have read this article !
By mawbima 2018-05-23

හාලිඇළ - පියල් කිත්සිරි

රජයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාව මත පවරා ඇති නඩු දෙකකට අධිකරණය හමුවේ පෙනී නොසිටි එක්සත් ජාතික පක්ෂයේ උෟව පළාත් සභා මන්ත්‍රි ආරුමුගම් ගනේෂමූර්ති නමැති අයට බදුල්ල මහෙස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා විසින් වරෙන්තු නිකුත් කළේය.

හාලිඇළ පොලිසිය මඟින් වෙන් වෙන් වශයෙන් පවරා ඇති නඩු දෙකක් නැවත විභාගයට ගත් අවස්ථාවේ සැකකාර මන්ත්‍රිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර හාලිඇළ පොලිසියේ නිලධාරීන් කියා සිටියේ සැකකරු රජයේ රැකියා ලබාදෙන බව පවසා එක් පුද්ගලයකුගෙන් රුපියල් පනස් දහසක් සහ තවත් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන රැකියා ලබානොදී වංචා කර ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුට වරෙන්තු නිකුත් කර වැඩිදුර විභාගය පසුවට කල් තැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon