ඉන්දීය ව්‍යාපාරිකයාගේ කාර්යාලයට ආ කොටි සාමාජිකයාය කියන පුද්ගලයා හඳුනා ගන්න පරීක්ෂණ කරනවා පොලිසිය අධිකරණයට දන්වයි

  👤  3925 readers have read this article !
By mawbima 2018-05-23

කේ.එස්. උදයකුමාර්

රුපියල් කෝටි 02ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ ඉන්දීය ජාතික ව්‍යාපාරිකයාගේ කාර්යාලයට පැමිණි කොටි සාමාජිකයකු බව කියාගත් පුද්ගලයා හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැන්විය.

කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අල්ලස් කොමිසම හරහා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව මඟින් සඳහන් කර ඇත්තේ කේ.පී. නාගරාජා නමැති ඉන්දීය ජාතික ව්‍යාපාරිකයාගේ කාර්යාලයේ සේවය කරන සේවක සේවිකාවන් දෙදෙනකුගෙන් සහ ඔහුගේ රියැදුරුගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. සී.සී.ටී.වී. වීඩියෝ දර්ශන ඔස්සේ මෙම සැකකරු පිළිබඳ දර්ශන ලබාගෙන ඇති බව සඳහන් කරන පොලිසිය මෙම පුද්ගලයා හඳුනා ගැනීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදවා විමර්ශන සිදුකරන බව දැන්වීය.

ඉන්දීය ජාතික ව්‍යාපාරිකයාගේ කාර්යාලයට පැමිණි බව කියන කොටි සාමාජිකයා ලෙස හඳුන්වා ගත් පුද්ගලයා ජෝසප් පිල්ලේ යනුවෙන් සඳහන් කර ඇති අතර පැමිණිලිකාර ඉන්දීය ජාතික ව්‍යාපාරිකයාගේ දුරකථන අංකය ඔහු විසින් කාර්යාල සේවකයන්ගෙන් ඉල්ලා ඇතැයි ද පොලිසිය පවසයි. ඊට අමතරව මෙම පුද්ගලයා දිසානායක නමැති සැකකරු පිළිබඳ ද විමසීමක් සිදුකර ඇති බව පොලිසිය කියා සිටී.

පැමිණිලිකරුගේ කාර්යාලයට පැමිණි ජෝසප් පිල්ලේ නමැත්තා තමා කොටි සාමාජිකයකු ලෙස ඇඟවීම තුළින් ඔහු කිසියම් තර්ජනයක් සිදුකිරීමට තැත් කර ඇතැයි සඳහන් කරන පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බවද අල්ලස් කොමිසම මඟින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව මඟින් දන්වා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon