යාලදී ගෝන මස් සමඟ ඇල්ලූ තිදෙනාට අටලක්ෂ හතළිස් දහසක දඩයක් මාස තුන බැගින් සිර දඬුවමකුත් ඒ අතර

  👤  4035 readers have read this article !
By mawbima 2018-05-23

වැල්ලවාය - ජී.අයි. රොෂාන්

යාල ජාතික වනෝද්‍යානය තුළදී ගෝන මස් සමඟ හමුවූ පුද්ගලයන් තිදෙනකුට වැල්ලවාය මහෙස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා එක් අයකුට රුපියල් දෙලක්ෂ අසූදහස බැගින් තිදෙනාට රුපියල් අටලක්ෂ හතළිස් දහසක දඩ මුදල් හා බරපතළ වැඩ ඇතිව මාස තුන බැගින් සිර දඬුවමක් පෙරේදා (21දා) නියම කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ 1 කණුව ඔක්කම්පිටිය පාර බුත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24, 25 සහ 27 වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනකුටය.
යාල ජාතික වනෝද්‍යානය තුළ සෝදිසි මෙහෙයුමක් සිදුකරමින් සිටින අතුරතුර වනෝද්‍යානය තුළින් වෙඩි හඬක් ඇසීමෙන් පසු ඒ ගැන කළ සොයා බැලීමකදී ගෝනකු මරා මස් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු තුවක්කුවක් හා ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ එක් පුද්ගලයකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති අතර පසුව කළ විමර්ශනවලදී හා ප්‍රශ්න කිරීම්වලදී ලබාදුන් තොරතුරු අනුව ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මෙහෙයුම දකුණ හා උෟව පළාත් භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න විමලදාස හා ගල්ගේ උද්‍යාන භාරකරු කේ. ජානක ශාන්ත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්ගේ උද්‍යාන පිවිසුමේ වන අඩවි ආරක්ෂක කේ.ඒ. සිරිමල් මහතාගේ ප්‍රධානත්වයෙන් වන සත්ත්ව නියාමක එන්.පී. නානායක්කාර, ජේ.එම්. අජිත් නන්දකුමාර, ආර්.එම්. අජිත්, නලින් සංජීව, සහන් තිලකරත්න, නිරෝෂ් ප්‍රදීප්, එච්.පී. ප්‍රියංක, ජේ. සුනිල්, රන්දිම කරුණාරත්න, මිහිර මධුශංක යන පිරිස මෙම වැටලීම සිදුකළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon