21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අයිසිස් තර්ජනයට රුසියාවෙන් විසඳුමක්

  👤  3877 readers have read this article !
By mawbima 2018-05-23

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේදී ඇරඹීමට තවත් දින 22ක් පමණක් ඉතිරිව තිබියදී එරට ආරක්ෂක අංශ වෙත මුහුණදීමට සිදුවී තිබෙන ත්‍රස්තවාදී තර්ජනයන්ට මූලික පිළියමක් ලෙස ඩේ‍රා්න යානා මගින් ප්‍රහාර එල්ල කිරීමට නොහැකිවන සේ ඩේ‍රා්න හැසිරවීමේ සංඥා අවහිර කිරීමේ උපකරණ තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ අවට ස්ථාපිත කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

ඒ අනුව ඩේ‍රා්න සංඥා අවහිර කිරීමේ උපකරණ තරග පැවැත්වෙන සෑම නගරයකම සෑම ක්‍රීඩාංගණයකම, රටවල් 32 තරගකරුවන් රැඳී සිටින හෝටල් පරිශ්‍රයන් මෙන්ම ඔවුන් පුහුණු කිරීම් කටයුතුවල නිරතවන පුහුණු ක්‍රීඩාංගණ අවටද ස්ථාපිත කිරීම විශේෂත්වයකි. එරට ගමනාගමන අමාත්‍යාංශය ගුවන් ගමන් තහනම් ස්ථාන 41ක් නම් කර ඇති අතර තරගාවලිය පැවැත්වෙන නගර 11 අවට කිලෝමීටර් 100ක දුර පරාසයක් තුළ කිසිදු ඩේ‍රා්න යානයක් හැසිරවීම තහනම් කර ඇත.

පසුගිය මාර්තු මාසයේදී මෙන්ම පසුගිය දින කිහිපයේදීත් අයි.එස්.අයි.එස්.(ධ්ඉධ්ඉ) ත්‍රස්තවාදීන් ලෝක කුසලාන තරගාවලියට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා තිබිණි. 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සත්කාරකත්වය හොබවන රට බවට පත්වන්නට 2010 වසරේදී රුසියාවට අවස්ථාව හිමිවීමෙන් පසුව රුසියාවේ ස්ථාන කිහිපයකටම බෝම්බ ප්‍රහාරයන් එල්ල විය. අවසන් වරට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ශා.පීටර්ස්බර්ග් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙක් මිය ගියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon