අයි.පී.එල්. ක්‍රිකට් උණුසුම ලෝකයටම දන්වන්න සැලැස්මක්

  👤  3977 readers have read this article !
By mawbima 2018-05-23

ඉන්දීය පී්‍රමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලිය ඉදිරියේදී එංගලන්ත පී්‍රමියර් ලීග් පාපන්දු තරගාවලිය සහ ඇමෙරිකානු ජාතික බාස්කට්බෝල් තරගාවලිය වැනි දැවැන්ත තරගාවලියක් බවට පත් කරමින් ලොව පුරා විසිරී සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් වෙත ගෙනයෑම තම අරමුණ බව අයි.පී.එල්. තරගාවලි සභාපති රජීව් ශුක්ලා පවසයි.

විදේශීය වෙබ් අඩවියක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇති රජීව් ශුක්ලා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ එංගලන්ත පී්‍රමියර් ලීග් පාපන්දු තරගාවලියට පසු වැඩිම ආදායම් ලබන දැවැන්තම ක්‍රිකට් ලීග් තරගාවලිය අයි.පී.එල්. තරගාවලිය බවයි. එහිදී අදහස් දැක්වූ ශුක්ලා "ඉන්දියාවේ සෑම පළාතකම අයි.පී.එල්. තරග පැවැත්වීමේ හැකියාවක් අපට නැහැ. ඒ නිසා අප ක්‍රීඩා ලෝලීන්ට එක්වී තරග නැරඹිය හැකිවන ලෙසින් විශාල රූපවාහිනි තිර යොදා ඔවුන්ට තරගය නැරඹීමේ අවස්ථාව සලසා දෙනවා. කෙසේ වෙතත් එවන් ස්ථාන වලටත් තිස් දහසකට අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක් තරගය නැරඹීම සඳහා එක් වෙනවා. අපගේ මීළඟ ඉලක්කය වන්නේ ඩුබායි, එංගලන්තය සහ ඇමෙරිකාව වැනි රටවල්වල එය ප්‍රචලිත කිරීමයි." යනුවෙන් පවසයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2018 අයි.පී.එල්. තරගාවලියේ එක් තරගයක ඉන්දියාව තුළ රූපවාහිනී විකාශන ආදායම ඩොලර් මිලියන 8.5ක් බවත් එංගලන්ත පී්‍රමියර් ලීග් පාපන්දු තරගාවලියේ එක් තරගයක එංගලන්තය තුළ එම ආදායම ඩොලර් මිලියන 11ක් වන බවයි.

කෙසේ වෙතත් වාර්තාවලට අනුව එංගලන්ත පී්‍රමියර් ලීග් පාපන්දු තරගයක් ලොව පුරා විසිරී සිටින ක්‍රීඩා ලෝලීන් මිලියන 12කට අධික ප්‍රමාණයක් නරඹන අතර 2017 අයි.පී.එල්. තරගාවලියේ අවසන් තරගය මිලියන 40කට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon