ශ්‍රී ලංකා පාසල් පිහිනුම් හා කිමිඳුම් තරගාවලිය පාසල් 225කින් 6000ක් කොළඹ එති

  👤  3849 readers have read this article !
By mawbima 2018-05-23

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය 45 වැනි වතාවටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා පාසල් වයස් සීමා පිහිනුම් හා කිමිඳුම් තරගාවලිය ජුනි 6 වැනිදා සිට 10 වැනිදා දක්වා සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ.

වයස අවුරුදු 9න්, 11න්, 13න්, 15න්, 17න් හා 19න් පහළ වශයෙන් වයස් සීමා 6ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙවර පාසල් 225කට ආසන්න සංඛ්‍යාවකින් 6000ක පමණ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වනු ඇතැයි පාසල් ජල ක්‍රීඩා සංගමයේ ලේකම් ක්‍රිෂාන් දුමින්ද මහතා "මව්බිම"ට සඳහන් කළේය.

පසුගිය වසරේදීද සමස්ත බාලක ශූරතාව දිනාගත් කොළඹ ශා. ජෝෂප් කණ්ඩායම නොකඩවා වසර 14ක් මෙහි සමස්ත ශූරතාව දිනාගෙන ඇති අතර, මහනුවර මහාමායා බාලිකා විදුහල් කණ්ඩායම නොකඩවා වසර 18ක්ම සමස්ත බාලිකා ශූරතාව දිනාගෙන තිබීමද විශේෂත්වයකි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon