ජොහාන් පීරිස් එවරස්ට් තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වෙයි

  👤  4035 readers have read this article !
By mawbima 2018-05-23

ජොහාන් පීරිස් ඊයේ (22දා) නේපාල වේලාවෙන් උදෑසන 5.55ට අඩි 29,030ක් උස එවරස්ට් කන්ද තරණය කළ බව වාර්තා විය.

ඒත් සමඟම එවරස්ට් කඳු මුදුන තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවටද ජොහාන් පීරිස් මහතා පත්වෙයි.

2016 වසරේදීද එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ බලාපොරොත්තුව ඇතිව ජොහාන් පීරිස් තවත් කඳු නඟින්නන් කණ්ඩායමක් සමඟ එවරස්ට් නැග්ගත් එවර ඔහුගේ ඔක්සිජන් ටැංකියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නැවත හැරී එන්නට ඔහුට සිදුවූයේ. මීටර් 8,400ක් තරණය කර කඳු මස්තකයට සම්ප්‍රාප්ත වීමට තවත් මීටර් 448ක් වැනි කෙටි දුරක් තිබියදීය. එම කණ්ඩායමට ඇතුළත් වූ ජයන්ති කුරුඋතුම්පල එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට අබිසෙස් ලැබුවාය.

මීට වසර දෙකකට පෙර 2016 මැයි 21දා තම කඳු නැඟීමේ මිතුරිය තැබූ වාර්තාව නැවත වරක් උත්සාහ දැරීමෙන් ලබා ගැනීමට 2018 මැයි 22දා ජොහාන් පීරිස් සමත්ව ඇත්තේ වරෙක ලැබූ පරාජය ජයග්‍රහණයක් බවට පත් කරලීමට අධිෂ්ඨානයට හැකි බව ලොවට පසක් කරමිනි.

දක්ෂ කඳු නඟින්නකු සහ ත්‍රාසජනක ක්‍රීඩා ලෝලියකු වන ජොහාන් පීරිස් හිස කෙස් සකස් කිරීමේ වෘත්තීමය සුදුසුකම් ලැබූ ශිල්පියකු සහ මෝස්තර නිරූපණ ශිල්පියකුද වෙයි. ඔහු රූපලාවණ්‍යාගාර කිහිපයක හිමිකරුවකු වන අතර එම රූපලාවණ්‍යාගාර මෙරට මෙන්ම විදේශයන්හිද පිහිටා ඇති බව අන්තර්ජාලයේ ඔහු පිළිබඳව ඇති විස්තරයක සඳහන් වේ.

මෙවර එවරස්ට් කන්ද තරණය කිරීමේ අභිලාෂය සපුරා ගැනීම සඳහා ඉකුත් අප්‍රේල් මාසයේ සිට ජොහාන් පීරිස් හිමාලයේ සිට ඇත. ඔහුගේ කණ්ඩායමට කීර්තිමත් කඳු නඟින්නන් කිහිප දෙනකු ඇතුළත් වූ අතර එවරස්ට් තරණය කළ ඔහු ඇතුළත් වූ කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ එවරස්ට් තරණය සාර්ථකව නිම කළ විරුවන් බොහෝ දෙනකු බිහි කළ ධ්දබඥපදචබඪධදචත ර්ධභදබචඪද ට්භඪඤඥඵ (ධ්ර්ට්) ආයතනයයි. ඉකුත් සති කිහිපය තුළ හිමාලයේ දුෂ්කරතාවන් ජය ගෙන එවරස්ට් තරණය කිරීම සඳහා ජොහාන් විශේෂ පුහුණුවීම් කිහිපයකටද සහභාගි වී ඇත.

එවරස්ට් තරණයේ අවසන් අදියර වූ 4 වැනි කඳවුරෙන් එහාට යන්නවුන් ඉතා පටු සානු මුවහත් කඳු වැටි, වේගවත් සුළං ප්‍රවාහ සහ ආගාධවලින් ගහන මාරාන්තික කලාපය (ච්ඥචබඩ ඛධදඥ) පසුකළ යුතුවේ.

දෙවැනි වර එවරස්ට් තරණය කිරීමට ජොහාන් පීරිස් ගත් උත්සාහයට සහාය වීමට 'ඛ්තඪථඡ ඡ්මඥපඥඵබ ඹඪබඩ බ්ධඩචදද' යනුවෙන් ව්‍යාපාරයක්ද ආරම්භ වී තිබූ අතර එමඟින් දියත් කළ වෙබ් අඩවිය හරහා ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් ජොහාන්ට සිය සහයෝගය ලබාදෙමින් ඔහුට ධෛර්යය ලබාදුන් අතර එවරස්ට් තරණය වෙනුවෙන් ඔහුට ඇමෙරිකානු ඩොලර් 50,000ක පමණ මුදලක් වැයවී තිබූ බවද දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon