ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි වැඩි කරයි

  👤  4030 readers have read this article !
By mawbima 2018-05-23

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ මූල්‍ය ප්‍රගතිය මත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වැටුප් 2018-2019 වසරේදී සියයට තිස්හතරකින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළැඹ ඇති ක්‍රීඩකයන් තිස්තුන් දෙනාහට මේ වැටුප් වැඩි කිරීමට අමතරව ටෙස්ට්, එක්දින හා විස්සයි - 20 තරග දීමනාද වැඩි කෙරෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී විශාල ලෙස ලාභ ලැබුවා. මෙයට ප්‍රධාන වශයෙන් හවුල්කරුවන් වූයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයනුයි. ඔවුන්ගේ සේවාවට කෘතගුණ සැලකීමක් ලෙස වැටුප් වැඩි කිරීමට තීරණය කළ බව ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි. කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් 'ඒ' 'බී' 'සී' 'ඩී' සහ ප්‍රිමියර් යනුවෙන් කොටස් පහකට බෙදා ඇති අතර ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරංග ලක්මාල් හා දිමුත් කරුණාරත්න 'ඒ' කාණ්ඩයටත් උපුල් තරංග හා දිල්රුවන් පෙරේරා 'බී' කාණ්ඩයටත් අයත් වෙති.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා හා තිසර පෙරේරා 'සී' කාණ්ඩයට අයත්ය. 'ඩී' කොටසට අයත් වන්නේ අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක හා නුවන් ප්‍රදීප් ය.

මේ අතර ප්‍රිමියර් අංශයට අයත් වන ක්‍රීඩකයන් වනුයේ සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ලක්‍ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ, දසුන් ශානක, කෞෂාල් සිල්වා, ෂෙහාන් මධුශංඛ, ළහිරු කුමාර, මලින්ත පුෂ්පකුමාර, අමිල අපෝන්සු, වනිඳු හසරංග, ඉසුරු උදාන හා ඩිල්ෂාන් මුණවීර ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon