සඳුදා තෙක් දකුණේ පෙර පාසල් වැසේ

  👤  502 readers have read this article !
By mawbima 2018-05-22

නුවන් හෙට්ටිආරච්චි

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ සියලුම පෙරපාසල් ලබන සඳුදා (28දා) තෙක්ද, රෝගය පැතිර යන ප්‍රදේශ තුළ රජයේ පාසල්වල ප්‍රාථමික අංශය අද (22දා) සහ හෙට (23දා) තෙක්ද වසා තබන ලෙස දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා උපදෙස් දෙයි. රෝගය ළමයින් අතර බහුලව පැතිරී යෑම හේතුවෙන් රෝහල්වල ළමා වාට්ටුවල අධික තදබදයක් ඇති බවත් රෝගය වැඩිපුරම කුඩා ළමයින්ට වැලඳීම හේතුකොට ගෙන මේ තීරණය ගත් බවත් ඔහු සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon