කටකතා බොරු:අපි ළග බෙහෙත් තියෙනවා

  👤  607 readers have read this article !
By mawbima 2018-05-22

ඉමදුව - ටී. විතානවසම්

දකුණේ මේ වන විට පැතිර යන උණ තත්ත්වයට ඔෟෂධ නොමැති බවට පවතින කට කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් අවශ්‍ය ඔෟෂධ තම රෝහල සතුව හා අනිත් රෝහල් සතුවද පවතින බවත් ගාල්ල - කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. මාධ්‍යයට ඊයේ (21දා) විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

කටකතාවක් පැතිරිලා තියෙනවා මේ ඉන්ෆුලුවන්සා එකට බෙහෙත් නෑ කියලා. නමුත් ඒක අසත්‍යයක්. ඒ සඳහා බෙහෙත් තියෙනවා. ඒ වගේම ඇති තරම් බෙහෙත් තොගත් තියෙනවා. ඒ නිසා මෙම උණ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නෑ. ඒ වගේම කරාපිටිය රෝහලේ විකිරණ ශිල්පීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් මාධ්‍යයේ පළ වෙලා තිබුණා. දැනට එහෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් විකිරණ ශිල්පීන් කරාපිටිය රෝහල තුළ ක්‍රියාත්කම කරන්නේ නෑ. ඔවුන් විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය ඇත්නම් අදාළ වාට්ටුවටම ගොස් ඔවුන්ගේ සේවය මේ මොහොත වන විට ලබා දෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon