ඒකාබද්ධ විපක්ෂයේ නිහඬ විරෝධතාවක්

  👤  611 readers have read this article !
By mawbima 2018-05-22

හබරකඩ _ එස්. ප්‍රියලාල් / පනාගොඩ _ චම්පා ජීවන්ති

හෝමාගම - දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය අසල අක්කර 15ක භූමියක පැවැති රජයේ කෘෂි තාක්ෂණ ඒකකය පවතින රජය මඟින් ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ගැනීමට සූදානමක් ඇතැයි පවසමින් හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ, හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ නිහඬ විරෝධතාවක් ඊයේ (21දා) හෝමාගම - දියගම කෘෂි තාක්ෂණ ඒකක පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පිරිස කෘෂි තාක්ෂණ ඒකකයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව නිහඬ විරෝධතාවයේ නිරත වූහ.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් වන ජනක වැලිවත්ත, ජගත් කුමාර, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ, උප සභාපති බන්දුල රංජන් ඉලේපෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon