විපතටපත් ජනතාවට උපරිම සහාය දෙන්න

  👤  3886 readers have read this article !
By mawbima 2018-05-22

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ගංවතුරින් සහ නාය යෑම්වලින් විපතටපත් ජනතාවට කඩිනමින් උපරිම සහන සලසන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය ඇති සියලුම පළාත් පාලන ආයතනවලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කරයි.

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ඇතුළු සියලුම මන්ත්‍රිවරුන් විපතට පත්වූ ප්‍රදේශවලට ගොස් හැකි උපරිම ආකාරයෙන් මේ අවස්ථාවේදී විපතටපත් ජනතාවට සහන සැලසිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ වනවිටත් ප්‍රදේශ රැසක පළාත් පාලන ආයතන සභාපතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් අදාළ ප්‍රදේශවලට ගොස් විපතටපත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම ආරම්භ කර ඇති බැව් තමාට දැනුම්දී තිබෙන බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon