ප්‍රතිපාදන ගැන නොසිතා කඩිනමින් සහන දෙන්න

  👤  3826 readers have read this article !
By mawbima 2018-05-22

විපතට පත් සියල්ලන්ට මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගෙන කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

රජයෙන් ලබා දිය යුතු සියලු සහන පිළිබඳව සොයා බලමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳව සොයා බැලූ ජනපතිවරයා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තොරතුරු විමසා බලා අනතුරුව මේ උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමටද උපදෙස් දී තිබෙන ජනාධිපතිවරයා ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසටද සියලු පාර්ශ්වයන් දැනුවත් කර ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon