ඉරානයේ අවුරුද්දක් හිරබත් කෑ ලංකාවේ කොල්ලෝ දෙන්නෙක් නිදහස්

  👤  4071 readers have read this article !
By mawbima 2018-05-22

නෞකාවක රැකියාව කරමින් සිටියදී මත්කුඩු කිලෝ 600ක් ප්‍රවාහනය කළ බවට එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් ඉරානයේ බන්ධනාගාරගතව සිටි ශ්‍රී ලාංකේය තරුණයන් දෙදෙනකු නි‍ෙදාස් කොට නිදහස් කිරීමට ටෙහෙරානයේ අධිකරණය තීරණය කර තිබේ.

අවුරුදු 20 සහ 21 වයස් කාණ්ඩවල පසුවන මෙම තරුණයෝ දෙදෙනා කොළඹ හා හැටන් ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඉරානයේ හා ඩබ්හාර් සිර කඳවුරේ මාස දහයක කාලයක් රඳවා තබා ගෙන සිටි ඔවුන් දෙදෙනා නඩු විභාගයේ අවසාන මාස දෙකක කාලය තුළදී ටෙහෙරානයේ සිර කඳවුරේ රඳවා සිට ඇත.

මෙම තරුණයන් දෙදෙනා කුඩු ප්‍රවාහනයට සම්බන්ධයක් නොමැති අහිංසකයන් දෙදෙනකු බව ඔවුන් සේවය කළ නෞකාවේ කපිතාන්වරයා අධිකරණය හමුවේ සඳහන් කිරීමෙන් පසු ඔවුන් නි‍ෙදාස් කොට නිදහස් කිරීමට ටෙහෙරාන් අධිකරණය තීරණය කර තිබේ.

මෙම තරුණයෝ දෙදෙනා බේරා ගැනීම සඳහා ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැඩි වෙහෙසක් ගත් බවත් ඒ පිළිබඳව ඉරානයේ අධිකරණ ඇමැතිවරයා හා නියෝජ්‍ය ඇමැතිවරයා හමු වී කරුණු පැහැදිලි කිරීමට කටයුතු කළ බවත්, එරට සිටින ශ්‍රී ලංකා තානාපති ආචාර්ය මොහොමඩ් අගීස් මහතාගෙන් 'මව්බිම' කළ විමසීමකදී සඳහන් කළේය.

එම තරුණයන් දෙදෙනා ශ්‍රී ලංකාවේ රැකියා ඒජන්සියකට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ගෙවා නෞකාවේ රැකියාවට පැමිණ දින පහක් ඇතුළත මත්කුඩු කිලෝ 600ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන තිබූ බවද තානාපතිවරයා පැවැසීය.

ඔවුන් නිදහස් වීමේ පුවත පවුල්වල සාමාජිකයන්ට හා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැන්වූ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් මත ඔවුන් ශ්‍රී ලංකාවට එවීම සඳහා අදාළ පියවර ගන්නා බවත් ආචාර්ය අගීස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon