රජය වහාම විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි -සමන්ත විද්‍යාරත්න

  👤  3995 readers have read this article !
By mawbima 2018-05-22

අනුරාධා හේරත්

අධික වැසි ඇදහැලීමත් නාය යෑමේ අවදානමත් සමඟ ජන ජීවිත හා දේපොළ ආරක්ෂා කිරීමට විශේෂ සැලැස්මක් රජය වහාම ඉදිරිපත් කළයුතු බව ජවිපෙ උෟව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 66.4%ක් නාය යෑමේ අවදානමට ලක්ව තිබෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ 2015 වාර්තාවෙන් හෙළිදරවු කොට තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා නාය යෑම් අවදානම් බව වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු අතරට මිනිස් ක්‍රියාකාරකම් බලපාන බවත් නිසි පාරිසරික අධ්‍යයනයකින් තොරව දේශපාලන වුවමනාවන් මත හා මූල්‍ය වාසි තකා සිදු කරන උමා ඔය ව්‍යාපෘතිය ඊට ඇති හොඳම උදාහරණය බවත් පවසයි.

විද්‍යාරත්න මහතා තවදුරටත් පැවැසුවේ එම ආපදා ගැටලු නිරාකරණය කිරීම සඳහා වහාම දිගු කාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන වශයෙන් ඒ සඳහා සැලසුම් සකස් කිරීමට රජය පියවර ගතයුතු බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon