බස් ගාස්තු 12.5%කින් වැඩි කරන කැබිනට් පත්‍රිකාව අද

  👤  4103 readers have read this article !
By mawbima 2018-05-22

උපතිස්ස පෙරේරා

අවම බස් ගාස්තුව රුපියල් 10 සිට රුපියල් 12 දක්වාද, ඉන් ඔබ්බට බස් ගාස්තු සියයට 12.5කින්ද, වැඩිකිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (22දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලය හමුවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරනු ලබන බව එම අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම ගාස්තු ඉහළ දැමීමට අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු නව බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඊට අදාළ ගාස්තු චක්‍රය ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බවත් හෙතෙම පැවැසීය.

බස් ගාස්තුව සියයට 6.56කින් ඉහළ දැමීමට ඉකුත් 15දා කැබිනට් මණ්ඩලය ගත් තීරණය අවලංගු කර නව ගාස්තුව සඳහා නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා පැවැසුවද ඊට පසුදින සිට ඇතැම් මාර්ගවල පෞද්ගලික බස් රථ පමණක් නොව ශ්‍රී ලංගම බස් රථද තම මනාප පරිදි ගාස්තු ඉහළ නංවා ඇති බවට මගීහු චෝදනා කරති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon