වැස්සට සේදී එන අපද්‍රව්‍ය ජලාශවල පාරිසරික පැවැත්මට දැඩි තර්ජනයක්

  👤  3954 readers have read this article !
By mawbima 2018-05-22

හැටන් - චන්න අද්දරගේ

කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ නොදිරන ඝන අපද්‍රව්‍යවලින් ජලාශ පිරීයැමේ තත්ත්වයක් උද්ගතවී ඇත.

නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශය සඳහාද දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතී.

එම හේතුවත් සමඟ තලවාකැලේ, හැටන්, දික්ඔය හා ඒ අවට ප්‍රදේශවල ස්ථීර පදිංචි ජනතාව මෙන්ම කඳුකරයේ සිරි නැරැඹීම සඳහා නන්දෙසින් පැමිණි ජනතාව කඳුකරයේ සුන්දරත්වය විඳිමින් අක්‍රමවත්ව පරිසරයට බැහැර කරන ලද ප්ලාස්ටික් බෝතල්, පොලිතින් මලු සහ ආහාර එතීමට ගන්නා දවටන මෙන්ම කෝප්ප, ගමන්මලු, ඇසුරුම් ආදිය වැසි ජලයට ගසාගෙන දිය කදුර සහ ඔයට එක්වී එම ජලය ඔස්සේ කාසල්රී, මාඋස්සාකැලේ හා ඉහළ කොත්මලේ ජලාශවලට ගසාගෙන විත් තිබේ.

මෙම තත්ත්වය හමුවේ ජලාශයේ සුන්දරත්වය අසුන්දර වීමත් පාරිසරික පැවැත්ම අහිමි වීමත් සමඟ කඳුකරයේ මනස්කාන්ත බවට දැඩි තර්ජනයක් සිදුවෙමින් පවතින බැවින් කිසියම් ක්‍රමවේදයක් අනුගමනය නොකළහොත් ජලජ ජීවීන්ගේ ජීවිතවලට මෙන්ම ජලජ ශාකවල පැවැත්මටත් ජල දූෂණයටද බලපෑමක් වනු ඇති බව පරිසර හිතකාමීහු පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon