මහ වැස්සෙත් මා ඔයේ සහ කුඩා ඔයේ වැලි ජාවාරම ජයටම

  👤  3909 readers have read this article !
By mawbima 2018-05-22

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මා ඔය සහ කුඩා ඔය මෙන්ම ඒ ආසන්නයේ ඇති ඇළ මාර්ගවලින් ජාවාරම්කරුවන් විසින් රාත්‍රි කාලයේ වැලි ගොඩ දමන බව මා ඔය, කුඩා ඔය සුරැකීමේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ සභාපති ගාමිණී ඇටම්පාවල මහතා සහ ලේකම් චන්දන සෙනවිරත්න මහතා පවසන්නේ මෙවැනි අයහපත් කාලගුණික තත්ත්වයන් පදනම් කරගෙන මෙම ජාවාරම සිදුකරන බවයි. පොලිසියටද පවතින කාලගුණ තත්ත්වයන් හමුවේ රාත්‍රි කාලයේ මේවා නිරීක්ෂණය කිරීමට තිබෙන බාධක පදනම් කරගෙන මේ ක්‍රියාවන් සිදු වෙන බවද කියයි.

ඉවුරු කඩාගෙන යෑම මෙන්ම පසුගිය කාලයේ සිදුවූ නාය යෑම් තත්ත්වයන්ටද මේ හොරවැලි ජාවාරම්කරුවන්ගේ වැලි ගොඩදැමීම ඉවහල් වී ඇති බවද ඇටම්පාවල සහ චන්දන මහත්වරු පවසති.

මා ඔය සහ අසුපිනි ඇල්ල කුඩා ඔයේ ආරම්භය අරණායක ප්‍රදේශයේ ඇති කඳු පන්තිවලින් සිදු වන අතර ඒ අවට කඳු පන්තිවල සුරක්ෂිතභාව මෙන්ම ස්වභාවිකත්වය ආරක්ෂා වීමට මේ ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කළ යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon