දින හතක් වළක වැටී සිටි චීන ජාතිකයා නිරුපද්‍රිතව බේරාගනී

  👤  4094 readers have read this article !
By mawbima 2018-05-22

මාතර - උදය කුමාර රණවීර, ගන්දර - නිලූකා හේරත්

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කතරගම දක්වා මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට සේවයට පැමිණ සිටි චීන ජාතිකයකු පසුගිය 15 වැනි දින සිට අතුරුදන් වී තිබේ. ඔහු දන්දෙණිය ප්‍රදේශයේ රක්‍ෂිතය අසල ගැවසෙන බව එම රක්‍ෂිතය හා ආසන්නව සිටි ප්‍රදේශවාසීන් පවසයි. පසුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු කණ්ඩායම් සොයා දින කිහිපයක් මෙහෙයුමක යෙදී සිටි අතර ඔහු සොයා ගැනීමට අපොහොසත් විය. එහෙත් දින හතකට පසු දන්දෙණිය රක්‍ෂිතයේ වළක වැටී සිටි මේ චීන ජාතිකයා ප්‍රදේශවාසීන් දැක තිහගොඩ පොලිසියට දන්වා ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ඔහු මාතර රෝහලට ඇතුළත් කර තිබේ. දින හතක් නිරාහාරව සිටි ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. මාතර මහ රෝහලේ වෛද්‍යවරු පැවැසුවේ දැනට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවයි. මේ චීන ජාතිකයා මේ මස 12 වැනි දින තවත් යහළුවන් දෙදෙනකු සමඟ දිවයිනට පැමිණ ඇත. ඔහු වළට වැටුණේ කෙසේද යන්න තහවුරු කරගැනීමට නොහැකිවී ඇති අතර මේ වන විටත් පියවි සිහි තත්ත්වයේ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon