වසර 37ක් පුරා පොළොන්නරුවෙන් සොයාගත් කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය හෙටත්

  👤  962 readers have read this article !
By mawbima 2018-05-22

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

ලක් ඉතිහාසයේ සිදු කරන ලද කිසිදු කැණීමකින් මෙතෙක් හමු නොවූ වසර 2000ක් ඉපැරැණි මැටියෙන් නිමවන ලද අපූරු සඳුන් තැටියක් ඉකුත් 2010 වසරේ පොළොන්නරුව විජිතපුර බලකොටුවේ සිදුකළ කැණීම්වලින් හමුවූ බවත් වසර 37ක් පුරා පොළොන්නරුවේ සිදුකළ කැණීම්වලින් හමුවූ කෞතුක භාණ්ඩ හා එම සඳුන් තැටිය ඇතුළු ඉපැරැණි පුරාවස්තු ප්‍රදර්ශනය කෙරෙන බවත් පොළොන්නරුව කෞතුකාගාරය පවසයි.

ජාත්‍යන්තර කෞතුකාගාර දිනය නිමිත්තෙන් හෙට තෙක් (23දා) පැවැත්වෙන මේ ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල හිටපු කෞතුකාගාර අධ්‍යක්‍ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා අතින් සිදු විය.

පොළොන්නරුවේ 1981 වසරේ සිට මේ දක්වා සිදු කරන ලද කැණීම්වලින් මතුකරගත් තවත් ඉපැරැණි මැටි භාණ්ඩ ඇතුළු පුරාවස්තු 22ක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

මේ සමාරම්භක උළෙලට පොළොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආළාහන පිරිවෙන ව්‍යාපෘතියේ ප්‍රධාන කැණීම් පරීක්‍ෂක ප්‍රියන්ත මාරසිංහ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. මෙම ප්‍රදර්ශනය හෙට දිනයේත් පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පොළොන්නරුව කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශය සඳහා විවෘත වන බවද කෞතුකාගාරය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon