පාළුවත්ත - කලපිටිය මාර්ගයේ කිරිඳිවෙලත් නාය යයි

  👤  3876 readers have read this article !
By mawbima 2018-05-22

කොත්මලේ - ජයතිස්ස මල්දෙණිය

පෙරේදා සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පාළුවත්ත - කලපිටිය මහ මාර්ගයේ කිරිඳිවෙල ගම් කොටසේ විශාල පස් කන්දක් නාය යෑමෙන් මහ මාර්ගය සම්පූර්ණයෙන්ම යටවී වාහන ධාවනය අවහිර වී ඇත. ඊයේ (21දා) උදේ 9.30ට පමණ සිදුවූ මේ නායයෑමෙන් මාර්ගයේ වම් පස පිහිටි නිවෙසක් හා නිවෙස් මිදුලේ නවතා තිබූ වාහන 4ක් පස් කන්දට හිරවී ඇති අතර මාර්ගයේ දකුණු පසින් පිහිටි නිවාස 03ක්ද අවදානම් තත්ත්වයේ පවතී.

පූඬළුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත සුරවීර මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ වන විට මාර්ග අවහිරතාව ඉවත් කිරීමට කටයුතු කරගෙන යයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon