හැටන් පුල් බැන්ක්හි පස් කන්දක් නිවෙසක් මතට

  👤  3999 readers have read this article !
By mawbima 2018-05-22

නොර්වුඩ් - නීටා පත්ම කුමාරි

හැටන් ප්‍රදේශයට 21දා පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් පුල් බැන්ක් ප්‍රදේශයේ නිවෙසක් මතට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවෙසට අර්ධ වශයෙන් දැඩි අලාභ හානි සිදුවී ඇත.

අද පස්වරු 2.30ට පමණ නිවෙස පිටුපස තිබූ විශාල කන්දකුයි මෙසේ කඩා වැටී ඇත්තේ.

පස් කන්දක් කඩා වැටෙන අවස්ථාවේ නිවෙසේ පදිංචිකරුවන් විදේශගත වී ඇති අතර නිවෙස ඉබි යතුරු දමා වසා දමා තිබිණි.

පස් කන්ද කඩා වැටීමෙන් එම නිවෙසේ මුළුතැන් ගෙය ඇතුළු පිටුපස කාමර කිහිපයකට දැඩි අලාභහානි සිදුවී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon