හලාවත - කොළඹ මාර්ගය මාදම්පේදී හා මහවැවදී තුන්පොළකින් යටවෙයි

  👤  3952 readers have read this article !
By mawbima 2018-05-22

හලාවත - ප්‍රසාද් පූර්ණමාල්

හලාවත-කොළඹ මාර්ගය මාදම්පේ ප්‍රදේශයේදී හා මහවැව ප්‍රදේශයේදී ස්ථාන තුනකින් ජලයෙන් යටවීම හේතුවෙන් ඊයේ (21දා) පස්වරුවේ මේ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල විණි.

මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් තිබූ අතර හලාවත සිට කොළඹ බලා ගමන් කරන්නන්ට විකල්ප මාර්ගයක් ලෙස වෙරළ මාර්ගයද භාවිත කිරීමට සිදුවිණි. මේ අතර මාදම්පේ - කුලියාපිටිය ප්‍රධාන මාර්ගය දුම්මලසූරිය තුන්තොට ප්‍රදේශයේදී ජලයෙන් යටවීම හේතුවෙන් සැහැල්ලු වාහන ගමනා ගමනය පැය කීපයකට නතර කිරීමටද සිදුවිණි.

මාදම්පේ තෝප්පුව මාර්ගයද ස්ථාන කීපයකින් ජලයෙන් යටවීම හේතුවෙන් මේ මාර්ගයේ ගමනාගමන කටයුතු ඇනහිිටින ලදී.

ඊයේ පස්වරු හතරට පමණ හලාවත - කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩාගෙන වැටීමෙන් වාහන දෙකකට අලාභහානි වූ අතර දෙදෙනකුද තුවාල ලැබීය. ප්‍රදේශවාසීන් එකතුව ගස කපා ඉවත් කිරීමට කටයුතු යොදන ලදී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon