ගිනිගත්හේනේ දියගලදී පස් කන්දක් මහ මඟට

  👤  3839 readers have read this article !
By mawbima 2018-05-22

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඊයේ (21දා) දහවල් සම්පූර්ණයෙන්ම ඇනහිටි බව ගිනිගත්හේන පොලිසිය කියයි.

එම ස්ථානය නාය යෑමේ අවදානම් ස්ථානයක් බව හඳුනා ගැනීමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් එම ස්ථානයේ නාය යෑම වැළැක්වීම සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබෙන ස්ථානයකයි මෙසේ පස් කන්දක් කඩා වැටී ඇත්තේ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු එම ස්ථානයේ ප්‍රතිසංස්කරණ සිදුකරන අදාළ සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදුකළත් තවදුරටත් කඳු මුදුනේ සිට ප්‍රධාන මාර්ගයට පස් සහ විශාල ගල් පර්වත කඩාගෙන ඒම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වී ඇත.

තවදුරටත් එම ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ නායයෑමේ අවදානම වැඩි නිසා හැටන්-කොළඹ, හැටන්-මහනුවර, හැටන්-ගිනිගත්හේන, හැටන්-ලක්ෂපාන යන ප්‍රදේශවලට ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon