උෟව පළාත් පුස්තකාලය දවුල්දෙන ඤාණිස්සර නාහිමි නමට

  👤  3904 readers have read this article !
By mawbima 2018-05-22

උෟව පළාත් පුස්තකාලය, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහ නායක ස්වාමීන් වහන්සේ නමින් නම් කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) සිදුවිය. සිරිලක් සසුන්කෙත දිදුල වූ මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත පූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහ නායක හිමිපාණන් වහන්සේගේ උපන්ගම් පියස වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ උෟවපරණගම දවුල්දෙන ග්‍රාමයයි.

ප්‍රකට භාෂා විශාරදයකු මෙන්ම ධර්ම දූතයකු වූ උන්වහන්සේ සම්බුද්ධ ශාසනයටත් රටටත් තම උපන් ගම් පළාතටත් ඉටු කරන ලද සුවිශේෂී මෙහෙවර අනුස්මරණය කරමින් මෙම පුස්තකාලය උන්වහන්සේ නමින් නම් කිරීමට පියවර ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon