මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය වරෙන්තු නිකුත් කර තිබූ හමුදා මේජර්ට උසාවියට භාරවීමෙන් පසු ඇප ලැබෙයි

  👤  4003 readers have read this article !
By mawbima 2018-05-22

මිනුවන්ගොඩ - අතුකෝරල

ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරියට පහරදීමේ සිද්ධියට අදාළ නඩුවට ඉකුත් 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ යුද හමුදා මේජර්වරයා මෝසමක් ඉදිරිපත් කරමින් ඊයේ (21දා) අධිකරණය වෙත භාරවීමෙන් අනතුරුව සැකකරුව පෙර ඇප මත මුදා හරින ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා නියම කළේය.

2017 වර්ෂයේ අප්‍රේල් මස 07 වැනි දින ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් සැකකාර මේජර් ප්‍රභාත් සීවලී බුලත්වත්ත නමැති අයව රුපියල් දසදහසක මුදලක් සහ රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙසට නියම කර තිබූ අතර එම ඇප මත සැකකරුව නැවත මුදා හරින ලෙසට නියම කෙරිණි.

2013 වර්ෂයේ ජනවාරි මස 23 වැනිදා ගම්පහ ඉඹුල්ගොඩදී එම මැර ප්‍රහාරය උපාලි තෙන්නකෝන් මහතාට එල්ල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා සාමාජිකයන් 07 දෙනකු සැකකරුවන් ලෙස අධිකරණයෙන් ඇප ලබා සිටින අතර එම සැකකරුවන් 07 දෙනා නැවත ජූලි 20 වැනිදා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියම කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon