මහ වැස්ස හේතුවෙන් ගම්පහ ප්‍රා: ලේකම් කොට්ඨාස 9ක පවුල් 1,170ක් පීඩාවට

  👤  3986 readers have read this article !
By mawbima 2018-05-22

ගම්පහ - ‍ෙදාන් විතානආරච්චි

ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක පවුල් 1,170කට අයත් සාමාජිකයන් 4,824 දෙනකු පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේය.

ගම්පහ, අත්තනගල්ල, වත්තල, දිවුලපිටිය, ‍ෙදාම්පෙ, මිනුවන්ගොඩ, බියගම, මීරිගම සහ කැලණිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් මෙලෙස පීඩාවට පත්ව ඇත. මේ අතර නිවාස 23කට අර්ධ හානි සිදුව තිබේ. කැලණි ගඟෙහි සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඊයේ (21දා) වනවිට ගංවතුරක් ඇතිවිය හැකි මට්ටමකට පත්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවැසීය.

මේ අතර ඊයේ දහවල් 12 වන විට අත්තනගලු ඔයෙහි දුනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5යි දශම 38ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් ගම්පහ දිස්ත්‍රික්කයට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීම මෙම ජල මට්ටම මීටර් 5යි දශම 5 පත්වීමේදී සිදුවිය හැකි බවත් ජල මට්ටම පැහැදිලි කරමින් ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉන්ජිනේරු චින්තක සුරවීර මහතා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon