ජාතික සංහිඳියාව රැකගනිමින් කටයුතු කිරීම සියලු දෙනා සතු වගකීමක්

  👤  3992 readers have read this article !
By mawbima 2018-05-22

මඩුකන්ද - දීපාල් බණ්ඩාර

දේශපාලන නායකයෝ හැඟීම්වලට වහල් වෙලා තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජනතාව බිල්ලට දෙන ආකාරයට කටයුතු කිරීම අපි පිළිකුල් සහගතව හෙළා දකින බවත් ජාතික සංහිඳියාව රැකගනිමින් කටයුතු කිරීම සියලුදෙනා සතු වගකීමක් බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා එසේ පැවැසුවේ ඉකුත්දා වවුනියාව කුඩිඉරුප්පු ප්‍රදේශයේ පැවැති අත්කම් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

යුද්ධය අවසන් වෙලා අද වෙනකොට අවුරුදු 9ක් ගත වෙලා. අපි කාටත් පැවැරිලා තියෙන්නේ එකම වගකීමක්. මේ රටේ ජාතීන් අතර සහෝදරත්වය, මිත්‍රත්වය සංහිඳියාව ආරක්ෂා කර ගැනීම සහ දියුණු කර ගැනීම. ඒක සෑම ජන කොටසකගේම වගකීමක්. සියලු දෙනාගේම අයිතිවාසිකම්වලට ගරු කරන්න ඕනේ. ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න නිරන්තරයෙන් කැප වෙලා කටයුතු කරන්න ඕනේ.

බතික්, ගොක්කොළ සහ තල්කොළ ආශ්‍රිත නිර්මාණ ඇතුළු විවිධ නිෂ්පාදන රැසක් එම ප්‍රදර්ශනයට එක් කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon