ඇඟලුම් අපනයනයෙන් මේ වසරේ මුල් කාර්තුවේ රුපියල් කෝටි 791ක වර්ධනයක් ලබා තිබෙනවා

  👤  3937 readers have read this article !
By mawbima 2018-05-22

උපතිස්ස පෙරේරා

2017 වසරේ මුල් කාර්තුව හා සසඳන විට 2018 මුල් කාර්තුවේ ඇඟලුම් අපනයනය සියයට 4කින් වැඩි වී ඇති බවත් ඒ අනුව 2017 මුල් කාර්තුවේද ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයෙන් ලද ඩොලර් බිලියන 1.21 (රුපියල් කෝටි 19,155.5) 2018 මුල් කාර්තුවේදී ඩොලර් බිලියන 1.26ක් (රුපියල් කෝටි 19,947) දක්වා වර්ධනය වී ඇති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පෙන්වා දෙයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් 19දා ආරම්භ වූ ඒධ්ඉඡ්ඔ-8 ප්‍රදර්ශනය විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

මේ වසරේදී අපේ ඇඟලුම් ක්‍ෂේත්‍රයට හොඳ කලක් උදා වී තිබෙනවා. මේ නිසා 2017 මුල් කාර්තුවට වඩා 2018 මුල් කාර්තුවේදී රුපියල් කෝටි 791.5ක ආදායමක් උපයා ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ නිසාම අපි තවදුරටත් අපගේ ඇඟලුම් නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ දමමින් අපගේ නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ මට්ටමට ගෙන ආ යුතුයි. ඒ සඳහා ඇති සියලු අභියෝග ජය ගැනීම අපනයනකරුවන්ගේ වගකීමක්. රජයක් ලෙස ඒ සඳහා පූර්ණ සහයෝගය ඔබට ලබා දෙනවා.

ඒ වගේම අපට ට්ඉර්ථී සහනය යළි ලැබීමත් සමඟ අප එයින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට උත්සුක විය යුතුයි. ඒ වගේම අප යුරෝපයේ හා ආසියාවේ සෙසු රාජ්‍යන් වෙතත් අපගේ ඇඟලුම් අපනයනය සඳහා වෙළෙඳපොළ ව්‍යාප්ත කරගත යුතු වෙනවා. යුරෝපයත් අපගේ ප්‍රධාන ඇඟලුම් වෙළෙඳපොළක් වෙනවා. පසුගිය වසරේ ශ්‍රී ලංකාව යුරෝපයට ඇඟලුම් අපනයන කිරීමෙන් ඩොලර් බිලියන 2ක ආදායමක් උපයා තිබෙනවා. අපගේ සමස්ත ඇඟලුම් අපනයනයෙන් සියයට 42ක් අපනයනය කරන්නේ යුරෝපයටයි.

ඒ වගේම මෙම වසරේ මුල් කාර්තුවේ යුරෝපයට සිදු කළ ඇඟලුම් අපනයනය සියයට 5.2කින් වර්ධනය වී තිබෙනවා. එහි වටිනාකම ඩොලර් මිලියන 526ක් වෙනවා.

2017දී අපට ලැබුණේ ඩොලර් මිලියන 500ක් පමණයි. ඊට සාපේක්ෂව මේ වසරේදී ඇමෙරිකාවට ඇඟලුම් අපනයනයෙන් සියයට 5.1ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

එහි වටිනාකම ඩොලර් මිලියන 576යි. 2017 මුල් කාර්තුවේ අපනයන ආදායම ඩොලර් 548යි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon