නාය යෑමෙන් මියගිය ඉන්ද්‍රරත්න රැකියාවට ගොස් පැමිණ නිදාගෙන ඉද්දී විපතට මුහුණදීලා

  👤  3797 readers have read this article !
By mawbima 2018-05-22

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උදුගොඩ අක්කර 76 ප්‍රදේශයේ පුද්ගලයකු පස් කන්දකට යටවීමෙන් පෙරේදා (20දා) මියගොස් ඇති බව බුලත්කොහුපිටිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඩබ්ලිව්. කේ. ඉන්ද්‍රරත්න නමැති 43 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු රැකියාවට ගොස් පැමිණ ආහාර ගැනීමෙන් පසු අධික වර්ෂාව නිසා නින්දට ගොස් ඇති අවස්ථාවේ නිවෙසට ඉහළින් වූ පස් කන්ද නාය යෑම සිදුවී ඇති අතර එයට යටවී මියගොස් ඇත.

මේ පිළිබඳව "මව්බිම"ට අදහස් දක්වන මියගිය අයගේ බිරිය වන ලසන්තිකා මහත්මිය අධික වර්ෂාවක් තිබුණේ. මහත්තයා වැඩට ගිහින් ඇවිත් කෑම කාලා ටිකක් ඇඟට අමාරුයි කියලා නිදාගන්න ගියා. මම ළමයි දෙන්නට කෑම කන්න දීලා මමත් කාලා නිදාගන්න යන්න හැදුවා විතරයි. අපි නිදාගන්න කාමරයට ගෙට ඉහළින් තිබුණු කන්ද කඩාගෙන අපේ කාමරයට වැටුණා.

මම දුවලා ගිහින් බලනකොට මහත්තයා නිදියපු ඇඳ පස්වලින් හා ගෙයි බිත්තිය කැඩිලා යටවෙලා තිබුණේ. මම කෑගහනකොට වටේ කට්ටිය ඇවිල්ලා මහත්තයා යටවෙලා හිටිය පස් හා සුන්බුන් ඉවත් කරලා එළියට ගත්තා. එතකොටත් මහත්තයා මැරිලා හිටියේ. මේ ගේ පිටිපස්සේ ඉවුරට යටින් වහිනකොට හැමදාම වතුර ගලනවා. මම බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට මේ පිළිබඳව දැනුවත් කළා. හැබැයි පලක් වුණේ නැහැ. මෙතැනින් එහා පැත්ත ගිය අවුරුද්දෙ අධි අවදානම් කලාපයක් ලෙස නම් කරලා මිනිසුන් ඉවත් කළා. අපිත් ඒ හරියෙමයි හිටියෙ. අපිට අවදානමක් නැහැ කීවා.

බුලත්කොහුපිටිය - අසේල වික්‍රමනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon