අවදානම් සහගත රූපලාවණ්‍ය නිපැයුම් නියාමනයට අති විශේෂ ගැසට් නිවේදනයක්

  👤  3895 readers have read this article !
By mawbima 2018-05-22

දෙනගම ධම්මික රණවීර

පසුගිය සමයේ මාධ්‍ය මඟින් සහ ශ්‍රී ලංකා රූපලාවණ්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය මඟින් දිගින් දිගටම පෙන්වා දුන් ප්‍රමිතියෙන් තොර අවදානම් සහගත රූපලාවණ්‍ය නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට අවතීර්ණ වීම සම්බන්ධයෙන් ක්‍රියාත්මකව ඇති පාරිභෝගික අධිකාරිය ඒ සඳහා නිසි නියාමනයක් ඇති කරමින් ඉකුත්දා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අංක 2069/37 දරන මෙම අති විශේෂ ගැසට් පත්‍රයට අනුව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ සමෙහි ආලේප කරනු ලබන ක්‍රීම් වර්ග හා ලෝෂන් වර්ගවල අඩංගු විය හැකි බැරලෝහවල උපරිම සීමාවන් දක්වා ඇති අතර එයට අනුකූල නොවන පරිදි ඒවා නිපදවීම, ආනයනය, බෙදාහැරීම, ඇසුරුම් කිරීම, ගබඩා කිරීම, තොග හෝ සිල්ලරට විකිණීම මෙන්ම විකිණීම සඳහා ප්‍රදර්ශනය පවා තහනම් වේ.

ඒ අනුව ඊයම් (කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 10) ආසනික් (කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 3ක්) රසදිය (කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 1) කැඩ්මියම් (කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 3) ආදී වශයෙන් බැරලෝහ අනුමත උපරිම සීමාවන් දක්වා ඇති අතර මේකප්, ක්ලෙන්සින්, මොයිස්චරයිසින්, කෙස් ඉවත් කිරීමේ, හිරු රශ්මියෙන් සම පිලිස්සීම වැළැක්වීමේ, සුදු වීම සඳහා භාවිත කරන, සමෙහි අඳුරු පැහැය නොපෙන්වීම සඳහා භාවිත කරන, ශීත කිරීම සඳහා භාවිත කරන ක්‍රීම් හෝ ලෝෂන් වර්ග මෙන්ම අදාළ නියාමන ආයතනය විසින්ම සමෙහි ආලේප කරනු ලබන ක්‍රීම් හෝ ලෝෂන් වර්ගයක් ලෙසින් හඳුනාගනු ලබන වෙනත් ඕනෑම නිෂ්පාදනයක් මෙම නියාමනයට යටත් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon