ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ උෟව ප්‍රගති සමාලෝචනය ජනපති ප්‍රධානත්වයෙන්

  👤  3858 readers have read this article !
By mawbima 2018-05-22

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ උෟව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපාර්ශ්වයම මීට එක්ව සිටි අතර උෟව පළාතේ ජනතාව මුහුණදී සිටින ගැටලු පිළිබඳවද මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.

එම ගැටලුවලට දැඩි ඕනෑකමින් සවන්දුන් ජනාධිපතිවරයා ඉදිරිපත් කෙරුණු ඇතැම් ගැටලුවලට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳවත් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

උෟව පළාත් ග්‍රාම ශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබීමද මෙහිදී සිදු විය.
බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා ග්‍රාම ශක්ති ව්‍යාපාරය වෙනුවෙන් රජය ලබා දෙන මුදල්වල පළමු වාරිකය ප්‍රදානය කිරීමද එහිදී ජනාධිපතිවරයා අතින් සිදුවූ අතර ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 22.5ක්ද මොනරාගල දිස්ත්‍රික්ක සඳහා රුපියල් මිලියන 16.5ක් ලබාදීමද මෙහිදී සිදුවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon