පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව දිගුකාලීනව සුරක්‍ෂිත කිරීමට වැඩසටහනක් සකසන්න අධ්‍යාපන ඇමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

  👤  3912 readers have read this article !
By mawbima 2018-05-22

ජේ.ටී. ද සිල්වා

හදිසි ආපදා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දිගුකාලීනව පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමටත්, පාසල ආරක්‍ෂිත ස්ථානයක් බවට පත් කිරීමටත් පාසල් සුරක්‍ෂිතතා වැඩසටහනක් සකස් කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

එහි පළමු පියවර ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ගංවතුර හා නාය යෑම් අවදානම පවතින අවස්ථාවලදී ක්‍රියාත්මක විය යුතු ආකාරය සඳහන් උපදෙස් පත්‍රිකාවක් දිවයින පුරා සියලුම විදුහල්පතිවරුන් වෙත යොමුකර ඇත.

ඒ සම්බන්ධව පාසල් දරුවන්, ගුරුවරුන් හා මවුපියන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසද විදුහල්පතිවරුන්ට දැනුම්දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon